අමාත්‍යාංශය පිළිබඳව............


වයඹ කෘෂිකර්ම, ධීවර, සුළු වාරිමාර්ග, සත්ත්ව නිෂ්පාදන සහ ගොවිජන සංවර්ධන අමාත්‍යාංශය දහතුන්වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අනුව වයඹ පළාත් සභාව සතු කෘෂිකර්ම, ධීවර, සත්ත්ව නිෂ්පාදන, සුළු වාරිමාර්ග සහ ගොවිජන සංවර්ධන කටයුතු පිළිබදව පරිපාලනය, කළමනාකරණය හා සංවර්ධන ක්‍රියාමාර්ගයන් ගැනීම සඳහා ස්ථාපිත කරන ලද ප්‍රධාන ව්‍යවස්ථාපිත ආයතනය වේ. පලමු හා දෙවන පළාත් සභා නිල කාලයන් තුල වෙනත් අමාත්‍යාංශ විෂය ක්ෂේත්‍රයන් සමග එක්ව තිබු අතර තෙවන පළාත් සභා නිල කාලය තුල කෘෂිකර්ම,ඉඩම්,වාරිමාර්ග හා සත්ත්ව නිෂ්පාදනය වෙනුවෙන් වෙනම අමාත්‍යාංශයක් ස්ථාපිත වි ඇත.

ජාතික ප්‍රතිපත්තිවලට සමගාමිව පරිසර හිතකාමී ක්‍රමෝපායන් අනුගමනය කරමින් පළාතේ කෘෂිකර්ම, සත්ත්ව සංවර්ධන, වාරිමාර්ග හා ධීවර යන ක්ෂේත්‍රයන්හි අපේක්ෂිත අරමුණු ඉටු කර ගැනිමට අදාල සියළු කර්තව්‍යන් මිත්‍රශිලී, ගුණාත්මක සේවාවක් තුලින් ඉහළ ගොවිජන සුභ සාධනය හා ජාතික නිෂ්පාදනය සවිමත් කිරීම උදෙසා ලබා දීමට අමාත්‍යාංශයේ ධීවර, කෘෂි ප්‍රවර්ධන, ආයතන, සංවර්ධන හා ගිණුම් අංශ ප්‍රමුඛ 198 කින් යුත් සමස්ථ කාර්ය මණ්ඩලය හා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව, වාරිමාර්ග දෙපාර්තමේන්තුවඇතුලු අනෙකුත් ආයතන රැසක් රාජකාරියේ නිරතව සිටි.

සංවිධාන සටහන

image 11