වයඹ කෘෂිකර්ම, ධීවර, සුළු වාරිමාර්ග, සත්ත්ව නිෂ්පාදන සහ ගොවිජන සංවර්ධන අමාත්‍යාංශය, දඹුල්ල පාර, කුරුණෑගල.

image 1

දැක්ම

වයඹ පළාතේ සෞභාග්‍ය උදෙසා කෘෂි ක්ෂේත්‍රයේ පහසුකම් සපයන්නන් අතර විශිෂ්ටයා බවට පත්වීම .

image 2

මෙහෙවර

සම්පත් මනාව කළමනාකරණය කරමින් මිත්‍රශීලී හා ගුණාත්මක සේවාවක් තුළින් කෘෂිකාර්මික, ධීවර, සත්ත්ව නිෂ්පාදන, සුළු වාරිමාර්ග හා ගොවිජන සංවර්ධන ක්ෂේත්‍රයන්හි ප්‍රවර්ධනය, සංරක්ෂණය සහ තිරසාර සංවර්ධන උදෙසා ප්‍රතිපත්ති සම්පාදනය, සැලසුම් කිරීම, ක්‍රියාත්මත කිරීම, සම්බන්ධීකරණය, මෙහෙයවීම සහ ප්‍රතිපෝෂණය කිරීම .

අරමුණු

1.ජාතික කෘෂිකාර්මික  ප්‍රතිපත්ති වලට අනුකුලව උසස් ගුණාත්මක ආහාර නිෂ්පාදනය සහතික කරමින් පළාතේ ආහාර සුරක්ෂිතතාවය තහවුරු කිරීම.

2.පළාතේ හදුනාගත් මධ්‍ය පරිමාණ හා සුළු වාරිමාර්ග තිරසාර පැවැත්ම තහවුරු කිරීම සහ ප්‍රශස්ත ජල කළමණාකරණයක් පවත්වා ගෙන යාම  සඳහා වාරි යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම හා ජල පෝෂක   ප්‍රදේශ   පවත්වාගෙන යාම .

3. ජාතික ධීවර ප්‍රතිපත්තිවලට අනුකුලව වයඹ  පළාතේ  මත්ස්‍ය නිෂ්පාදනය හා ඒ ආශ්‍රිත නිෂ්පාදනවල නිෂ්පාදනවල නිෂ්පාදනය හා ගුණත්වය ඉහළ නංවාලීම.
4. උසස් ගුණාත්මක කිරි නිෂ්පාදනය සහතික කරමින් වයඹ පළාත කිරි වලින් ස්වයං පෝෂිත කිරීම.
5.නව තාක්ෂණික  ක්‍රමවේදයන්ට ගොවීන් හුරු කරවමින් සම්ප්‍රදායික ගොවියා කෘෂි ව්‍යවසායකයෙකු බවට නිර්මාණය කිරීමත්,ඉහළ ආදායම් උත්පාදන මාර්ගයක් ලෙස කෘෂි කර්මාන්ත ක්ෂේත්‍රෙය් වටිනාකම සමාජගත කිරිම.
6.පරිසර හිතකාමි කෘෂි කාර්මික සත්ත්ව නිෂ්පාදන හා වාරිමාර්ග සම්පත් හා ක්‍රමෝපායන් සංරක්ෂණය හා සංවර්ධනය කිරීම සහ මිත්‍රශීලී  ගුණාත්මක ව්‍යාප්ති සේවාවන් තහවුරු කිරීම.

 

ප‍්‍රධාන කාර්ය භාරය
  1. අමාත්‍යාංශයේ ප්‍රතිපත්ති හා අරමුණු ඉටුකරගැනිම වෙනුවෙන් අමාත්‍යාංශය හා අමාත්‍යාංශයට අයත් ආයතනවල පරිපාලන කටයුතු.
  2. මානව සම්පත් සංවර්ධනය හා කළමනාකරණය.
  3. භෞතික සම්පත් සංවර්ධන හා කළමනාකරණය.
  4. පළාත් සභා කටයුතු හා නීතිමය කටයුතු වලට අදාළ රාජකාරී.
  5. අමාත්‍යාංශයේ ප්‍රතිපත්ති හා අරමුණු ඉටු කරගැනීම වෙනුවෙන් දිගු කාලින, මධ්‍ය කාලීන වාර්ෂික සංවර්ධන සැලසුම් සකස් කිරීම.
  6. පළාත් ආයෝජන වැඩසටහන යටතේ ලැබෙන ප්‍රතිපාදන අදාළ ආයතන සම්බන්ධීකරණයෙන් උපරිම ඵලදායීතාවයෙන් හා උපරිම කාර්යක්ෂමතාවයෙන් යුතුව භාවිත කිරීම.
  7. පළාත් අමාත්‍යාංශයේ විෂය පථයට අදාළ රේඛීය අමාත්‍යාංශය සඳහා ව්‍යාපෘති යෝජනා ඉදිරිපත් කිරීම ,ප්‍රතිපාදන ලබාගෙන අදාළ ආයතන හා අංශ සම්බන්ධීකරණයෙන් ක්‍රියාත්මක කිරීම.
  8. අමාත්‍යාංශ විෂය පථයට අදාළව තොරතුරු යාවත්කාලීනව පවත්වා ගැනීම, අවශ්‍ය අවස්ථාවල තොරතුරු ඉදිරිපත් කිරීම.
  9. අමාත්‍යාංශය හා අනෙකුත් ආයතන වල මූල්‍ය කළමණාකරණය හා සම්බන්ධීකරණය.
  10. අමාත්‍යාංශයේ සියලුම ගෙවීම් කටයුතු, මුදල් පාලනය, ගිණුම්කරණ කටයුතු හා ඊට අදාළ වාර්තා පවත්වාගෙන යාම.
  11. අමාත්‍යාංශය හා ඊට අදාළ දෙපාර්තමේන්තු වල මූල්‍ය කටයුතු වාර්තාකරණය.
  12. ප්‍රසම්පාදන කටයුතු.
  13. ගබඩා කළමනාකරණය.
  14. විගණන විමසුම් කටයුතු.
  15. පළාතේ කෘෂිකර්ම ,සත්ත්ව නිෂ්පාදන ක්ෂේත්‍ර ආශ්‍රිත ගොවීන් කෘෂි ව්‍යවසායකයන් බවට පත් කිරීම සඳහා අවශ්‍ය පහසුකම් හා සේවා සැපයිම.
  16. වයඹ පළාතේ කරදිය,මිරිදිය, කිවුල්දිය හා විසිතුරු මත්ස්‍ය  කර්මාන්තය ප්‍රවර්ධනය සඳහා අදාළ ආයතන සම්බන්ධීකරණය  කරමින් අවශ්‍ය පහසුකම් හා සේවා සැපයීම.